නිවන් අවබෝධකරගැනීමට උපකාර වන්නේ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මයයි !

බුද්ධ පරිනිර්වාණයෙන් බොහෝකලකට පසුවද හෙළදිව අරහතුන්වහන්සේලාගේ ස්පර්ශයෙන් නොඅඩුව පැවතියද නිවන් අවබෝධ කරගැනීමට උපනිශ්‍රය වන පරම පවිත්‍ර සිරි සද්ධර්මය මේතාක් කාලයක් වැසී ගොස් තිබුනද අද වනවිට නැවතත් ඒ උතුම් ධර්මය මතුවී තිබීම සියලු ලෝ වැසියකුටම මහත් අස්වැසිල්ලට කාරනයක් වනු ඇත.


එවන් උතුම් ත්‍රිපිටක ගත සිරි සද්ධර්මය අර්ථ, ධර්ම,නිරුක්ති,පටිභාන ඇසුරෙන් දේශනාකරන උතුමන්ලා අද බිහිවී ඇත.ඒ අතුරෙන් පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් දේශනාකරන ලද ධර්ම දේශනා සහ උන්වහන්සේ විසින් ලියා පලකරන ලද දහම් පොත් පත් මෙම වෙබ් අඩවිය තුලින් පරිශීලනය කිරීමට අවස්ථාව සකල ලෝවැසියන් හට කරුණාවෙන් මුදාහරිනු ලැබේ.

සංවාදශීලී ධර්මදේශනා

මිනිසෙකුට උපතින්ම ලැබුණු විමර්ශන ඥාණයම මතුකරගන්නට,දියුණුකරගන්නට මග කියාදී සිතීමේ හැකියාව, විපස්සනා නුවණ අනුපස්සනා ඥාණය ඉස්මතුකරගන්නටම මග පෙන්වාදීම බුද්ධ ධර්මයේ ඉගැන්වූ නිවන් මාර්ගයයි.කෙලෙස් ක්‍රියාත්මක වන්නේ තම තමන්ගේම චිත්ත සංතානයේ මිස බාහිර ලෝකයක නොවේ.කිලිටි වූ තමන්ගේම චිත්ත සංතානය පිරිසිඳු කරගත් පමනටම නිවනද නිදහසද තමන්ටම උරුම වෙනු ඇතිබව මෙහි පෙන්වා වදාල පරම සත්‍යයි.




Loading...
පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනා වැඩසටහන් සඳහා සම්බන්ද වීමට කැමති පින්වතුන් සඳහා.......